― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැල්ලම්පිටියේදී ලන්ච් ෂීට් තොගයක් අත්අඩංගුවට

වැල්ලම්පිටියේදී ලන්ච් ෂීට් තොගයක් අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධ ව සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී පොලිතීන් වර්ගයක් වන ‘ලන්ච් ෂීට්’ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සිදු කළ මෙම මෙහෙයුමෙන් ලන්ච් ශීට් කිලෝග්‍රෑම් 7,672 ග්‍රෑම් 35ක පමණ ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකයි මෙම ලන්ච් ශීට් තොගය නිපදවා ඇත්තේ.

පාරිභෝගික සේවා අධිකාරිය කිලෝග්‍රෑම් 2,505ක ප්‍රමාණයක් වූ ලන්ච්ෂීට් පැකට් තොගය අත්අඩංගුවට ගත් අතර අනෙක් ලන්ච් ෂීට් තොගය කර්මාන්තශාලා පරිශ්‍රය තුළම මුද්‍රා තබා අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා ගෙන ගොස් තිබෙනවා.