― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට රතු නිවේදන

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට රතු නිවේදන

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.

එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ පවසනවා.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹුණු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.