― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොරෙන් රට පටවන්න හැදූ උරගයින් හා පක්ෂීන් මුදාගැනේ

හොරෙන් රට පටවන්න හැදූ උරගයින් හා පක්ෂීන් මුදාගැනේ

බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ උරග සහ පක්ෂීන් සහිත කූඩු රැසක් නාවික හමුදාව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ තොරතුරු විශ්ලේෂණයකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ උරග සහ පක්ෂි කූඩු අද (10) පෙරවරුවේ ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඇසුරුම් තුළ විවිධ ප්‍රභේදවලට අයත් විශේෂ මෙන්ම දුර්ලභ සත්ත්ව‍යින් සිටිනවා.

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 05ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා පසුගියදා (07) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත්තා.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03ක් සමග එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පැවසුවේ.