26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය ධීවරයින් 13 දෙනෙක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 13 දෙනෙක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ධීවර යාත්‍රා 3ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන ගොස් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.