― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsක්ලබ් වසන්තගේ අවසානය ගැන තවත් තොරතුරු රැසක් එළියට

ක්ලබ් වසන්තගේ අවසානය ගැන තවත් තොරතුරු රැසක් එළියට

අතුරුගිරිය ඝාතනය සිදු කිරීමට පැමිණි සැකකරුවන් මුහුදු මාර්ගයෙන් රටින් පලා යාම වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධි විධාන ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා යාමට යොදා ගත් වෑන් රථය සම්බන්ධයෙන්ද තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වුණා.

අදාළ ඝාතනය සිදු කිරීම සඳහා ‘ලොකු පැටී’ විසින් ටැටූ සංජුල නැමැත්තා ඉත්තෙකු ලෙස පාවිච්චි කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඔරුවල මංසන්ධියේ පිහිටි ගොඩනැගිල්ලක ටැටූ හලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත්, ක්ලබ් වසන්ත ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය සඳුදායි.

සිද්ධියෙන් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ කේ. සුජීවා ඇතුළු සිවුදෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිදුකෙරුණු විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ හලේ හිමිකරු ඇතුළු 7 දෙනෙක් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ශාමිනි විජේබණ්ඩාර මහත්මිය නියෝග කළා.

අත්අඩංගුවට පත් දුලාන්ගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවන අතර ලොකු පැටී සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය දුලාන්ට අවවාද කර ඇතැයි ද ඔහු පොසියට ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරුවන් පලා යාමට යොදාගත් වෑන් රථය මීට මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ පුද්ගලයෙකු හට ලබා දීමට ලොකු පැටී කටයුතු කර තිබෙනවා.

අදාළ වෑන් රථය සෑම දිනකම පණ ගන්වා බැටරිය පරීක්ෂා කිරිම සිදු කළ යුතු බවට ඔහුට දැනුම් දී ඇති අතර ඒ වෙනුවෙන් ඔහුට ලක්ෂ එකහමාරක පමණ මුදලක් ලබා දී ඇති බවද දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුනද ඝාතකයින් සොයා ගැනීමට තවමත් හැකි වී නැහැ.

කෙසේ වෙතත් ඔවුන් මුහුදු මාර්ගයෙන් පලා යාම වැළැක්වීම සඳහා මේ වනවිට ආරක්ෂක විධි විධාන යොදා ඇතැයි පොලිසිය පැවසුවා.