― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

උසස් වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

කෙසේනමුත් 10 වැනිදා දහවල් 12 වනවිට සේවයට වාර්තා නොකළ හොත් වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සලකන බවයි දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ සඳහන් කළේ.

ඊයේ පැවති වැඩඩටනකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඔවුන් සේවයට වාර්තා කළහොත් ‘සේවය හැර ගියා සේ සලකා’ නිකුත් කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.