27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායිහිදී ඇල්ලූ පාතාල සාමාජිකයන් දෙදෙනෙක් දිවයිනට

ඩුබායිහිදී ඇල්ලූ පාතාල සාමාජිකයන් දෙදෙනෙක් දිවයිනට

ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මොවුන් දෙදෙනා අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මොවුන් දෙදෙනා මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් ‘බබී’ නැමැත්තා සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනෙකි.