― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුද්ගලික සරසවියකට සුද්දයක් දුන් තිදෙනෙක් අල්ලයි

පුද්ගලික සරසවියකට සුද්දයක් දුන් තිදෙනෙක් අල්ලයි

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපළ සොරා ගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර ‘රෙඩ් බානවත්තේ පුතා’ සහ ‘මරදානේ ඉම්රාන්’ යනුවෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙකුද වන බවයි.

එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා ලැප්ටොප් පරිගණක 6ක්, පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

මොවුන් තිදෙනා කොල්ලුපිටිය, තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුර කුටියේ තිබී පරිගණක ඇතුළු දේපල රැසක් සොයා ගැනීම, කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළඳසැලක් අසළ නවතා තිබූ රුපියල් ලක්ෂ තුනහමාරකට අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල තිබූ මුදල් පසුම්බිවල
ඇඨ්M කාඩ්පත් සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26-28 පසුවන මරදාන සහ බ්ලූමැන්ඩල්, රෙඩ්බානාවත්ත පදිංචිකරුවන්ය.

සැකකාර අඹුසැමි යුවළ සහ සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.