එළැඹෙන අගෝස්තු මාසය වනවිට වාහන ආනයනය කිරීමේ කටයුතු ආරම්භ කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තවත් විදුලි වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.
වාහන ආනයනය කරන ආකාරය සකස් කිරීමට සූදානම් බවත් එම කමිටු වාර්තාව අගෝස්තු දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.