― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට යාපනය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (21) මාන්කුලම් පොලිස් වසමේ මාන්කුලම් – මල්ලාවි මාර්ගයේ, 09 කනුව අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජාවාරම් කිරීම සඳහා ලක්ෂ විසිපහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 ක් සන්තකයේ තබාගෙන සිටි මල්ලාවි ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 25 ක පුද්ගලයකු ජංගම දුරකථනයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මාන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර ශුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.