― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඥාණසාර හිමියන්ට ඇප

ඥාණසාර හිමියන්ට ඇප

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය ලබා දුන්නා.

සිර දඬුවම් නියම වීමෙන් පසුව ඥාණසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥාණසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මහාධිකරණ නියෝගයට අනුව ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළා.

ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණා.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා සිදු කළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් විකුත් මාර්තු මස 30 වනදා බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණා.