― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගල් වළක දිය නෑමට ගිය මව හා දරු දෙදෙනා අතුරුදන්

ගල් වළක දිය නෑමට ගිය මව හා දරු දෙදෙනා අතුරුදන්

තිස්සමහාරාම ප්‍රදේශයේ ගල් වළක දිය නෑමට ගිය කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් තිදෙනා තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් ඇති අතර එහිදී කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ළමුන් දෙදෙනාද දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔවුන්ගේ සිරුරු මෙතෙක් හමු වී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් වන අතර අතුරුදන්ව ඇත්තේ අවුරුදු 14ක සහ 09ක් වන ඇයගේ දරුවන් දෙදෙනායි.

මියගිය කාන්තාවගේ සිරුර ඊයේ රාත්‍රියේම සොයාගෙන ඇති අතර අතුරුදන්ව සිටින ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වනවිටත් ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් අරඹා තිබෙනවා.