28.4 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුඳු ඉඩමක අභිරහස් ලෙස මියගිය මළ සිරුරක්

කුරුඳු ඉඩමක අභිරහස් ලෙස මියගිය මළ සිරුරක්

කරන්දෙණියේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ කරන්දෙණිය – අනුරුද්ධගම පදිංචි අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා ඊයේ (21) අදාළ කුරුඳු ඉඩම සුද්ද පවිත්‍ර කර, උදලු ගෑම සඳහා පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳු ඉඩමේ හිමිකරු විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ මෙම මියගිය තැනැත්තා ඊයේ දිනයේදී සිය කුරුඳු ඉඩම උදලු ගෑමට පැමිණි අයෙක් බවයි.

මෙම පුද්ගලයාගේ හිසෙහි සහ අත්වල තුවාල දක්නට ලැබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.