― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහම්බෙගමුවේදී කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

හම්බෙගමුවේදී කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් කුකුල්කටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියෙ පසු වූ පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් දෙදෙනා හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විසිපහ සහ විසි හත යන වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.