― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගියදා අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

ඩුබායි හි සැන්ඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර’ නොහොත් ‘ලොකු පැටී’ නැමැත්තාගේ දැනුම්දීම මත අතුරුගිරියේ ඝාතනය සිදුකිරීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයෙන් කොරතොට ප්‍රදේශයට පැමිණෙන තෙක් වෑන් රථයේ රැඳී එතැන් සිට සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන යාම සිදුකළ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ සිට අදාල වෙඩික්කරුවන් දෙදෙනා බස් රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් එම ප්‍රදේශයෙන් බස්සවා, අදාළ බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟව සිටි බස් රථයේ රියැදුරු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ‘ලොකු පැටී’ නැමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටින අයෙකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

වෑන් රථය පැදවූ රියදුරු ලෙස කටයුතු කළ අනෙක් සැකකරු වැලිපැන්න, මීගම, මරින්දගොඩ, හතරේ කණුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි මාළු වෙළෙන්දෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.