29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙරටට හිමි විය යුතු තීරු බදු මුදල් අහිමි කරමින් නීතිවිරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (23) ඇළපාත පොලිස් වසමේ කරංගොඩ පංසල අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි 200ක්, Goldleaf වර්ගයේ දුම්වැටි 200 ක් සමග රත්නපුර, හංගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.