― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනහිතකාමී, පරිවර්තන යුගයකට රට ගමන් කරවිය යුතුයි

ජනහිතකාමී, පරිවර්තන යුගයකට රට ගමන් කරවිය යුතුයි

මේ මොහොත වනවිට අප රට අභියෝග රැසකට මුහුණ දෙන බවත් බහුතරයක් ජනතාව දුක් කම්කටොලු රාශියකට මුහුණ දෙමින් දරිද්‍රතාව නිසා අසීමිත පීඩනයකට සහ අසහනයට ලක්ව අතරමං වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක මේ බව කියා සිටියේ අද (25) කොළඹ 14 ජයන්ති විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙවන් යුගයක් තුළ රටක් ලෙස හැමෝම අත්වැල් බැඳගෙන නිවැරදි තීන්දු ගත යුතු බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ජනතාවාදී, ජනහිතකාමී, ප්‍රගතිශීලී පරිවර්තන යුගයකට, ප්‍රතිසංස්කරණ යුගයකට යා යුතු බවත් පරිවර්තනාත්මක වෙනස්කම් තුළ රටේ ගමන්මාර්ගය නිවැරදි දර්ශනයක් ඔස්සේ යාම වැදගත් බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා අවධාරනය කළේ රටට දරාගත හැකි ජාතික අවශ්‍යතාව මුදුන්පත් කරන දේවල් ඉටු කර ගැනීම හරහා අමාරු තත්ත්වයෙන් ගොඩ ආ හැකි බවයි.

බ්‍රිතාන්‍යය 70 දශකයේ බොහෝ අමාරු තත්ත්වයක් නිර්මාණය වී යුරෝපයේ දුප්පතා කියන නම පවා පටබැදුනත් මාග්‍රට් තැචර් අගමැතිවරිය නායකත්වය බාර ගෙන රට වැදගත් නිවැරදි තීන්දු ගත් බවත් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වූ බවත් අප රටත් තැචර් විප්ලවයේ පාඩම් ඉගෙන ගෙන නිවැරදි ගමනක් යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එංගලන්තයේ කළ දේ අප රටේ කළ යුතුම නැති වුවත් ඒ වැඩපිළිවෙළින් පාඩම් ඉගෙන ගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවත ප්‍රතිපත්තිය කරගත යුතු බවත් සැම දෙනාම ඇතුළත් වූ වර්ධනයකට යා යුතු බවත් ප්‍රභූන් පමණක් එහි ප්‍රතිලාභ ලබා නොගත යුතු බවත් එය සැවොම බෙදා හදාගත යුතු බවත් බෙදා හදාගත් සෞභාග්‍යය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.