― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතිලංගට අතුරු තහනම් නියෝගයක්

තිලංගට අතුරු තහනම් නියෝගයක්

තිලංග සුමතිපාල මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව ගොනු කර ඇති පුද්ගලික නඩුව අගෝස්තු 6 දක්වා වාරණය කරමින් අභියාචනාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිමල් සිරිපාල සිල්වා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය සිදු කර තිබෙනවා.

අදාළ නියෝගය මළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හමුවේ සලකා බලා තිබෙනවා.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පවසන්නේ, පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එය සලකා බැලූ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බව පවසනවා.

ඒ අනුව තමන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මත වූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම තමන්ට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.