29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න මම මැදිහත් වෙන්නේ නෑ

වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න මම මැදිහත් වෙන්නේ නෑ

පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදුවුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇත්තේ.

ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේනමුත් කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දීමට නියමිතයි.