අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එම ප්‍රකාශය සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස්පති ධුරය පුරප්පාඩු නොවන බවත් ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකි බවත්ය.
පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
එහිදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.