― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ගැන ඇමරිකාවේ ප්‍රසාදය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ගැන ඇමරිකාවේ ප්‍රසාදය

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තමබිනුයි ඇය මේ බව දක්වා ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන කැපවීම ප්‍රදර්ශනය කිරීමක් ලෙස සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කිරීම අපි සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් එම සටහනේ දැක්වෙනවා.