― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවත්තල නිවසක ගින්නක් - අයෙක් ජීවිතක්ෂයට

වත්තල නිවසක ගින්නක් – අයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රියේ මෙම ගින්න හටගෙන තිබූ අතර අදාළ තෙමහල් නිවසේ දෙවැනි මහලේ පිහිටි කාමරයක් තුළ පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගත් බවත්ය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 90ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා පමණක් නිවසේ තනිව රැඳී සිට ඇති බවත් ඔහුගේ බිරිඳ මීට දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවස වෙත ගොස් ඇති බවත්ය.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.