ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නායකයාට රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් සිය උපරිම සහාය ලබාදෙන බව එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.
වැඩි ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බහුතර පාර්ලිමේන්තු කණ්ඩායම ද ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදෙනු ඇති බව ද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.