― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආයුධ තොගයක් සමඟ මවුලවිවරයෙක් හා තවත් අයෙක් කොටු

ආයුධ තොගයක් සමඟ මවුලවිවරයෙක් හා තවත් අයෙක් කොටු

T56 ගිනි අවි දෙකක්, පතොරම් 60ක්, මැගසින් 02ක්, දුර දක්නයක් සමඟ මවුලවිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව, වාලච්චේන, මාන්චෝල් ප්‍රදේශයේ දීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඊයේ (30) රාත්‍රියේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් 43 හැවිරිදි මවුලවිවරයා ඕටමාවඩි – මාංචෝලේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිට මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරතව සිටි අයෙක් බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා ගිනි අවිය සහ පතොරම් මීට පෙර ගෙවත්තේ වළක් හාරා එහි පොහොර උරයක දමා සඟවා තබා සිට ඊයේ රාත්‍රියේ දී එය ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අද (31) කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරදීමට නියමිතයි.