කළු ජාතික තරුණියක් පළමු වතාවට අයර්ලන්තයේ රූ රැජින තරගයෙන් ජය අත්කර ගත්තාය. ඇය 26 හැවිරිදි විද්‍යාඥවරියක හා මෝස්තර නිරූපිකාවක වන පමේලා උබා ය. අයර්ලන්ත රූ රැජින ලෙස කිරුළ පළන් ඇය 1947 සිට මේ වන තෙක් වසර 74ක් පැවැති එරට රූ රැජින තරගාවලිය ජයගත් පළමු කළු ජාතික තරුණිය ලෙස වාර්තා පොතට එක් වූවාය. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ පමේලා සිය පවුලේ සාමාජිකයන් සමඟ අයර්ලන්තයට සංක්‍රමණය වූයේ 7 හැවිරිදි වියේදීය. අනතුරුව ඩබ්ලින් නුවර අධ්‍යාපනය හදාරමින් රසායන විද්‍යා උපාධියක් හිමිකරගත් පමේලා මේ වසරේ අග භාගයේ බටහිර ඉන්දීය දුපතක් වන පොර්ටෝ රීකෝහි පැවැත්වීමට නියමිත ලෝක රූ රැජන තරගයට සහභාගි වනු ඇත.