ලබන දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවදානය යොමුව ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 38ක් හෝ 40ක් වැනි මිලකට අලෙවි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.