― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsක්ලබ් වසන්තගේ ඝාතකයින් 20 දක්වා රිමාන්ඩ්

ක්ලබ් වසන්තගේ ඝාතකයින් 20 දක්වා රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 10 දෙනා එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (05) නියෝග කළා.

මෙම සැකකරුවන් දස දෙනා අද (05) පෙරවරුවේ දැඩි පොලිස් රැකවල් මැද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට රැගෙනවිත් තිබුණා.

අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයේ පෙනී සිටියා.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ අතුරුගිරි වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ද පතනවා.

ඉකුත් ජූලි 8 වැනිදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී වෙඩි තබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කරනු ලැබූ අතර එම වෙඩි තැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.