ග්‍රාම නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින ඔවුන් මෙම වර්ජනයේ නිරත වනු ඇති.
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේනමුත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් පැවසුවේ මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.


