― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණ කොමිසමට 15 වැනිදා විශේෂ ආරක්ෂාවක්

මැතිවරණ කොමිසමට 15 වැනිදා විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගන්නා ලබන 15 වැනිදා මැතිවරණ කොමිසමට සහ ඒ අවට ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පවසනවා.

එදින මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක කර ඇති අතර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඩ්‍රෝන කැමරා, ස්නයිපර් තුවක්කුකරුවන් එම ප්‍රදේශය අවට ගොඩනැගිලිවල ආරක්ෂාවට යොදවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මැතිවරණ කොමිසමට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කරනු ලබන අතර එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවනවා.