ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
ඒ අනුව යුද හමුදාවේ 437 කට, නාවික හමුදාවේ 167 කට, ගුවන් හමුදාවේ 115 කට මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 40 කට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුටද තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මේවා ඉකුත් වසරේදී නිකුත් කළ වාහන බලපත්‍ර බවයි.