― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදෙවසරක් පුරා දැරියක් අඹුකමට ගත් 05කට වැඩ වරදී

දෙවසරක් පුරා දැරියක් අඹුකමට ගත් 05කට වැඩ වරදී

12 හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරියක් වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය පැවසුවේ හොරණ, රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක්, කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනෙක් විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙක් බවත් පොලිසිය පවසනවා.

අපයෝජනයට ලක් වූ දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමඟ එකට දිවි ගෙවා තිබෙනවා.

පොලීසිය විසින් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් මෙම පිරිස විසින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් කොන්දොස්තරවරයා මීට මාසයකට පමණ පෙර දැරිය හොරණ, රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර දියණිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්යංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයකදී දැරියව කොන්දොස්තරවරයාගේ නිවසේදී සොයාගෙන තිබෙනවා.

දැරිය ද පොලීසිය හමුවේ පවසා ඇත්තේ කොන්දොස්තරවරයා තමව මෙලෙස පැහැරගෙන යාමට පෙර වසර දෙකක පමණ කාලයක සිට තමා විවිධ පුද්ගලයින් අතින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක්ව ඇති බවයි.

එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ තම නිවසට ආසන්න ප්‍රදේශවලදී තමා මෙලෙස දූෂණයට ලක්ව ඇති බවයි දැරිය පොලීසියට පවසා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කළුතර උතුර පොලිසිය පවසනවා.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.