28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාන්ත කිට්ස් සීපීඑල් කිරුළ පලඳියි

සාන්ත කිට්ස් සීපීඑල් කිරුළ පලඳියි

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවීස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමත් විය.

9 වැනි වරට පැවැති මේ තරගාවලියේදී සාන්ත කිට්ස් පිල ශූරයන් වූ පළමු අවස්ථාව මෙයයි.

ඉතා තියුණු මුහුණු වරක් ගත් අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත ලුසියා කිංග්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ කඩුලු 7ක් අහිමි වූ සාන්ත කිට්ස් පිල ජය හිමි කර ගත්තේ අවසන් පන්දුවෙනි.

සා. කිට්ස් පිලේ පළපුරුදු පිතිකරුවන් වන ක්‍රිස් ගේල් (0), එවින් ලූවිස් (6) සහ නායක ඩ්වේන් බ්‍රාවෝ (8) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී අවසන් පන්දුව තෙක් සටන අත්නොහැරි ඩොමිනික් ඩ්‍රේක්ස් කණ්ඩායමට මංගල ශූරතාව අත් කර දුන්නේ පන්දු 24කදී නොදැවී ලකුණු 48ක් රැස් කරමිනි. හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කළ ඔහු අවසන් තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.

ජෝෂුවා ද සිල්වා ලකුණු 37ක් සහ ෂර්ෆේන් රදෆර්ඩ් ලකුණු 25ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 2ක් දවා ගත්තේය.

රකීම් කොන්වෙල් සහ රොස්ටන් චේස් ලකුණු 43 බැගින් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් කිංග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභීහු වූහ. ඉනිම අගභාගයේ පිටියට පිවිසි කීමෝ පෝල් පන්දු 21කින් ලකුණු 39ක් රැස් කළේ හයේ පහර 5ක් සමඟිනි. පන්දු යැවීමේදී නෂීම් ෂාහා සහ ෆවඩ් අහමඩ් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

තරගාවලියේ වීරයා සම්මානය රොස්ටන් චේස්ට පිරිනැමිණි.