31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවතු කම්කරු වැටුප රුපියල් 1,700ක් කරමින් ගැසට්ටුවක්

වතු කම්කරු වැටුප රුපියල් 1,700ක් කරමින් ගැසට්ටුවක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350ක් බවත් එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවත්ය.

ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.