― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපළමු රන්දෝලි පෙරහැර අද

පළමු රන්දෝලි පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරෙනවා.

පෙරහැර නිරිත දිශාමුඛව රාත්‍රී 6.45ට දළදා මාළිගාවෙන් පිටත්ව දළදා වීදිය ඔස්සේ පැමිණ ඩී. එස් සේනානායක වීදියෙන් හැරී පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, පහළ වීදිය ඔස්සේ පහළට පැමිණ, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය ඔස්සේ ගමන් කොට ඩී. එස් සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ඉහළට විත් පෙරහැර ගෙවැදීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ අවසන් රන්දෝලි පෙරහැර 19 වැනිදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බවයි.