― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගම්වැදුණු වනඅලි රංචුවක් යකා නටයි

ගම්වැදුණු වනඅලි රංචුවක් යකා නටයි

කුඹුක්කන, අන්දරමණ්ඩිය ප්‍රදේශයට කඩවැදුණු වන අලි රංචුවක් තිරෝද රථයකට දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඹුක්කන, අන්දරමණ්ඩිය ප්‍රදේශයට අද (19) උදෑසන වනඅලි හය දෙනෙක් කඩා වැදී ඇති බවයි.

ප්‍රදේශයේ වගා ඉඩම් රැසක් ද වනඅලි විසින් විනාශ කර දමා ඇති අතර වනඅලි පහරදීම නිසා ත්‍රීරෝද රථයකට ද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් වන අලි පහර දෙන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් දිවි ගලවාගෙන තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ අද (19) උදෑසන 6 පමණ වනතෙක් මෙම වනඅලි ගම්මානයේ රැඳී සිටි බවයි.