― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතැපැල් ඡන්දයට ලක්ෂ 07ක් සුදුසුකම් ලබයි

තැපැල් ඡන්දයට ලක්ෂ 07ක් සුදුසුකම් ලබයි

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 07 කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කෙසේනමුත් මෙය පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමක් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

මෙලෙස තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ලක්ෂ 07 අතරට පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් අයත්.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මස 05 හා 06 යන දින දෙක වෙන්කර තිබෙනවා.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියේ.