― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුරුවරියගේ රන් මාලය කොල්ල කෑ දෙදෙනාට වැඩ වරදී

ගුරුවරියගේ රන් මාලය කොල්ල කෑ දෙදෙනාට වැඩ වරදී

ගුරුවරියකගේ රන් මාලය සහ තැල්ලක් සොරාගෙන උකස් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේම දමිළ පාසලක සේවය කරන ගුරුවරියක් කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඇයගේ ගෙල බැඳි තැල්ල සහිත රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් මාලය හැටන් දුම්රියපොල පිවිසුම් පාළම අසළදී ඇයගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු කඩාගෙන පළා ගිය බව පවසමින් ඇය හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව විමර්ශන ඇරඹූ හැටන් පොලිසිය එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රන් මාලය උකස් කළ සැකකරුවන් දෙදෙනා සොයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන් මාලය කඩා පලාගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය හමුවේ අනාවරණය කර තිබුණා.

සැකකරුවන් දෙදෙනා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.