― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදළදා පෙරහැරේ අනවසරෙන් ඩ්‍රෝන යැවූ අයෙක් අල්ලයි

දළදා පෙරහැරේ අනවසරෙන් ඩ්‍රෝන යැවූ අයෙක් අල්ලයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි මහ පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේනමුත් අදාළ ඩ්‍රෝන කැමරාව පියාසර කරනු නිරීක්ෂණය වීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය උපයෝගී කර ගනිමින් එය පහත හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ඩ්‍රෝන කැමරාව දළදා මාළිගයට නුදුරින් පිහිටි හෝටල් පරිශ්‍රයක තිබී සොයා ගෙන තිබෙනවා.

එම ස්ථානයෙන් සැක කටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් මහනුවර පොලීසියට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.