― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දීය අගමැති අද පෝලන්තයට

ඉන්දීය අගමැති අද පෝලන්තයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (21) පෝලන්ත සංචාරයක නිරත වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන්නේ නවදිල්ලිය සහ වෝර්සෝ 2024 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරමින්.

පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස දෙදින නිල සංචාරයක නිරත වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වසර 45කට පසු ඉන්දීය අගමැතිවරයකු පෝලන්තයට කරන පළමු සංචාරය වනු ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 23 වැනිදා යුක්‍රේන සංචාරයක ද නිරත වීමට නියමිතයි.