31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රී පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි

මෛත්‍රී පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දි මුදල ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට කටයුතු නොකිරීම මත හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව ලැබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් වරදකරුවන් බවට තීරණය කර, මෙම වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක් බැගින් පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබුවා.