― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතණමල්විල සිද්ධියට පොලිස් වෙසින් කෝල් ගත් අයෙක්ට වැඩ වරදී

තණමල්විල සිද්ධියට පොලිස් වෙසින් කෝල් ගත් අයෙක්ට වැඩ වරදී

තණමල්විල ජාතික පාසලේදී සමූහ දූෂණයට ලක් වූ දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් ලොක්කෙකු ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම දුන් සිම් පතේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අංක 114, අංගන්තැන්න, කෙන්ගල්ල, (දිගන) ලිපිනයේ පදිංචි කොඩිප්පිලි ආරච්චිලාගේ මනරංග උදයකුමාර ධර්මසේන නැමති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සමූහ දූෂණයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදී මෙම සැකකරු පසුගිය 13 වැනිදා තමන් පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙකු බව පවසමින් දැරියගේ දුරකතන අංකයක් ලබාගෙන තිබෙනවා.

ඉන්පසු තමන් පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙකු බව පවසමින් දැරියගේ සාත්තුවට සිටි දැරියගේ පුංචි අම්මාට හා පසුව දැරියටත් දුරකතනය ඔස්සේ කතා කර සිද්ධියට අදාල විමර්ෂශනවල විස්තර ලබාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත දැරියගේ පුංචි අම්මා විසින් මේ සම්බන්ධයෙන් පසුගිය 14 වැනිදා හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සිම්පත් පරික්ෂා කර සිද්ධියට අදාළ වාර්තා ලබා ගැනීමෙන් පසු අනාවරණය වු තොරතුරු මත සිම් පත හිමි පුද්ගලයා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට බාර දී තිබෙනවා.

එහිදී සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමාට අයත්ව තිබූ අදාළ දුරකතන ඇමතුම ලබාගත් සිම්පත් මේ වන විට තමා සන්තකයේ නොමැති බවයි.

මීට මාස 06කට පෙර තමන් එම සිම්පත සහිත දුරකතනය උකස් තැබූ බවත් නැවත උකස බේරා ගන්නා අවස්ථාව වන විට එම සිම්පත දුරකතනයේ නොතිබුණු බවත් ඔහු පොලීසිඅයට පවසා තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.