30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලකුණු කැපුණත් ශම්සි පෙරමුණේ

ලකුණු කැපුණත් ශම්සි පෙරමුණේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විස්සයි20 තරගාවලිය නිමා වීමෙන් පසු ජගත් ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ටබ්‍රයිස් ශම්සි පළමු ස්ථානයත්, වනිඳු හසරංගට දෙවැනි ස්ථානයත් රැක ගැනීමට සමත්ව තිබේ.

එහෙත් තරගාවලිය ආරම්භයට පෙර ශම්සි ශ්‍රේණිගත ලකුණු 792ක් සහ වනිඳු ලකුණු 764කට හිමිකම් කී අතර, දෙදෙනාගෙන්ම ලකුණු 17 බැගින් අඩු වී ඇත. මේ වන විට ශම්සි ලකුණු 775කට සහ වනිඳු ලකුණු 747ක් හිමි කර ගෙන සිටිති.

කෙසේ වෙතත් මේ තරගාවලියේ පළමු තරගයේදී වනිඳු ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ සමඟ ශ්‍රේණිගත ලකුණු 772ක් හිමි කර ගනිමින් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව ඇත. ඒ එම තරගයේදී ශම්සි කඩුල්ලක් පමණක් දවා ගැනීම නිසා ලකුණු සංඛ්‍යාව 772 දක්වා අඩු වීම හේතුවෙනි.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් වැඩිම කඩුලු ලාභියා වූ ජෝජ් ෆෝර්ටුයින් ස්ථාන 103ක් ඉදිරියට එමින් 43 වැනි ස්ථානයටත්, ඇන්රිච් නෝර්ට්ජේ (71) ස්ථාන 29කින් ද ඉදිරියට පැමිණ ඇත.

කෙසේ වෙතත් දුෂ්මන්ත චමීරට 30 වැනි ස්ථානය දක්වා පහත වැටීමට සිදුව ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක් හිමි කර දීමට පිත්තෙන් දස්කම් දැක්වූ දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 10ට ඒමට සමත් වීම විශේෂත්වයකි.

තරග තුනේදී ලකුණු 153ක් රැස් කළ ඔහු ස්ථාන 4ක් ඉදිරියට යමින් 8 වැනි තැන ගෙන ඇත්තේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල හිමි කර ගත් ඉහළම ස්ථානය ලෙසිනි.

ඒඩ්න් මාක්‍රම් ස්ථාන 12ක් ඉදිරියට ගොස් 11 වැනි තැනටත්, රීසා හෙන්ඩ්‍රික්ස් 20 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, කුසල් ජනිත් පෙරේරා ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 38 වැනි තැන සිටී.