― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsයුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ (22) මෙරට තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස ආරම්භ කරන බවයි.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඉන්ධන පිරවුම් හල් 150 කින් මෙරට ඉන්ධන වෙළදපොළට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රොලියම්, ලංකා ඉන්දියානු තෙල් සමාගම, සයිනොපෙක් සමාගම, ආර් එම් පාක්ස් – ශෙල් සමාගම යන සමාගම්වලට පසුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන හතර වන සමාගමයි.