― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි - සාරතී

රටට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි – සාරතී

රටට නායකත්වය දිය හැකි හොඳම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් තමා කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දමා නොගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත අද (23) ජනාධිපතිවරයාට සහාය ලබාදීමට තීරණය කළා.

ඔවුන් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවී මෙලෙස සහාය පළ කිරීමට එක්ව තිබෙනවා.

මේ දැන් රටට අවස්‍ය පක්ෂයේ අර්බුද නොවන බවත් රට ගැන හිතන එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට සහය දීමට තීරණය කළ බවත් ඔහු එහිදී කියා සිටියා.