― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදයාසිරිගේ ශ්‍රිලනිප නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය

දයාසිරිගේ ශ්‍රිලනිප නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තමන් බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවරා ඇති නඩු⁣ව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කළා.

දයාසිරි ජයසේකර විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසි දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

එමෙන්ම විනුසුරුවරයා නියෝහ කළේ එම නියෝගය ප්‍රකාරව එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසයි.

දයාසිරි ජයසේකර ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාරතී දුශ්මන්ත, හේක්ටර් බෙත්මගේ, කීර්ති උඩවත්ත, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ ඇතුළු විසිදෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් කරුණු දක්වමින් සඳහන් කළේ ජුලි 03 වැනිදා පෙත්සම්කරුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කළ ලිපිය නීතිවිරෝධි බවයි.

වගඋත්තරකරුවන් කැඳවා තිබූ පක්ෂයේ විධායක රැස්වීම ද නීතිවිරෝධී බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට හා පක්ෂ කාර්‍යාලයට ඇතුළු වීමට ඉඩ නොදී වගඋත්තරකරුවන් කරන බාධා කිරීම්වලින් ඔවුන් වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සහීඩා බාරි කරුණු දක්වමින් සඳහන් කළේ ජුලි 03 වැනිදා නිකුත් කළ ලිපිය වාරණය කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ කරුණු දක්වමින් සඳහන් කළේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් ඔහුට අවාසි නඩු තින්දු සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නියෝග කළේ විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් නොතීසි නිකුත් කරන ලෙසත්ය.

නඩුව නැවත සැප්තැම්බර් 05 වැනිදා කැඳවීමට නියමිතයි.