27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් දඩ කයි

අනුරගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් දඩ කයි

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (26) රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.

නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචි විජේරත්න හා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ඇල්බට් නමැති විත්තිකරුවන් දෙදෙනෙකුට මෙලෙස දඩ නියම කර තිබෙනවා.

අදාළ විත්තිකරුවන් දෙදෙනා රාත්‍රී කාලයේ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ දැන්වීම් අලවමින් සිටියදී මුර සංචාරක පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මැතිවරණ නීති අනුව අනවසර ස්ථානවල දේශපාලන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයන් දෙදෙනා වරද පිළිගන්නා බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරයා එක් විත්තිකරුවකුට රුපියල් 1500 ක් බැගින් රුපියල් 3000 දඩයක් නියම කළේය.