ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්රදේශයේ නිවසක තිබී ඊයේ (26) සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පදිංචිව සිට ඇති අතර ටික කලකට පෙර තමන්ගේ උපන් ගම වන වෙඩිවෙත්තකල්ලු ප්රදේශයට පැමිණ ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයකට සහභාගි වීම සඳහා ඔහු 25 වැනිදා පැමිණ ඇති අතර මොහු තවත් අයෙක් සමඟ ඥාති නිවසක නවාතැන් ගැනීමට ගොස් ඇති අවස්ථාවේදීයි මෙම මරණය සිදුව ඇත්තේ.
කෙසේනමුත් මෙලෙස මියගිය පුද්ගලයා සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ කණ්ඩායමක් පැමිණ තමන් හා තම ඥාතියාට පහරදුන් බවත් එහිදී තම ඥාතියා මියගිය බවත්ය.
මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් මරණ පරීක්ෂණය වවුනියාව වැඩබලන මහේස්ත්රාත් ටී.තිරුවරුල් විසින් ඊයේ (26) සවස පවත්වනු ලැබුවා.
මරණය ඝාතනයක් වන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පැවසුවේ.
කනගරායන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.