― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් තරම් උසස් අධ්‍යාපනය ගැන හිතන නායකයෙක් තවත් නෑ - රාඝවන්

රනිල් තරම් උසස් අධ්‍යාපනය ගැන හිතන නායකයෙක් තවත් නෑ – රාඝවන්

රනිල් වික්‍රමසිංහ තරම් උසස් අධ්‍යාපනය ගැන කතා කරන තවත් රාජ්‍ය නායකයෙක් නොමැති බවත් පරිණත නායකයෙක් ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයයි, අත්හදා බලන්න හදන අය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයයි අපිට කියවිය හැකි බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (27) කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවර මැතිවරණය රටේ දිශානතිය වෙනස් කරන මැතිවරණයක් බවත් එය හුදෙක් තවත් කෙනෙක්ව ජනාධිපතිවරයා හැටියට පත් කිරීමේ ඡන්දයට වඩා මේ රට මුළුමනින්ම ව්‍යුහාත්මකව ආර්ථික, සමාජයීය, අධ්‍යාත්මික වශයෙන් සහ විදේශ ප්‍රතිපත්ති වශයෙන් පුරවැසියන් බලගතු කිරීමේ ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම නුදුරේදී තවත් දෙමළ පක්ෂවල තුන් හතර දෙනෙක් ජනාධිපතිතුමා සමඟ සම්බන්ධ වීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතියකට සීමා නොවූ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි.