― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙළ පොත් මුද්‍රණය ගැන කැබිනට් තීරණයක්

පෙළ පොත් මුද්‍රණය ගැන කැබිනට් තීරණයක්

2025 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පාසල් පෙළපොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කර ගැනීමට ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී අනුමැතිය හිමි වුණා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති මුද්‍රණ ආයතන 24ක් වෙතින් 1, 6 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පෙළපොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.