― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

රනිල් හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයා ඊයේ (27) කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානය වෙත පැමිණියා.

කොරෝනා සමයේ මුස්ලිම්වරුන් ආදාහනයට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවත් ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මවුලවිතුමන්ලා එහිදී සිය ආශිර්වාදය පළ කළහ.

මේ වන විට රටේ සිදුව තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මවුලවිතුමන්ලා දැනුවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

සියලු ආගම්වලට සමාන කොට සැලකීමට තමා කැපවී සිටින බව පවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ පලස්තීන රාජ්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක්
නොමැති බවයි.